
උපතින්ම කකුල් 02 ක් පමණක් උරුම වූ ඌරු පැටවෙකු පිළිබඳව චීනයෙන් වාර්තා වේ. දැනට මාස 10 පමණ වයසැති මෙම ඌරු පැටවාට පිහිටා ඇත්තේ ඉදිරි පාද යුගල පමණි. නමුත් කිලෝ 50 ක් පමණ බරැති සිය සිරුර සමබරව තබා ගැනීමේ හැකියාව මෙම ඌරාට පවතී. Zhu Jianqiang ලෙස මෙ ඌරු පැටවාට ගම් වාසීන් විසින් නම් තබා ඇත. මෙම වසරේ ජනවාරි මාසයේදී උපත ලද Zhu Jianqiang සමග තවත් ඌරු පැටවුන් 8 දෙනෙකු උපත ලබා ඇත. නමුත් එම ඌරු පැටවුන් මනා සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බව ඔවුන්ගේ හිමිකරු සඳහන් කර ඇත.
Add comment
Comments
RSS feed for comments to this post